අලුත් ග්‍ර‍හ මණ්ඩලයක් නිර්මාණය වෙයි

වැඩෙමින් පවතින තරුණ තරුවක් වටා පිහිටි දූවිලි වළාවන් වර්ධනය වන ආකාරයෙන් නව ග්‍ර‍හ මණ්ඩලයක් නිර්මාණය වන ආකාරය හොදින් අධ්‍යයනය කිරිමට හැකියාව ලැබී ඇතැයි තාරකා විද්‍යාඥයෝ පිරිසක් පවසති. ඔවුන් පෙන්වාදෙන්නේ මෙය අධ්‍යයනය හේතුවෙන් සෞරග්‍ර‍හ මණ්ඩලය බිහිවීම පිළිබද මෙතෙක් පැවති මතය ද අභියෝගයට ලක්විය හැකි බවයි.
තාරුකාව වටා තැටියක් මෙන් පාවෙමින් පවතින දුහුවිලි හා වායු අංශු සිසිල් වෙමින් නව ග්‍ර‍හ මණ්ඩලය නිර්මාණය වෙමින් පවතින බව ඔවුහු කියති. මේ සූර්යයා වටා නිර්මාණය වෙමින් පවතින ග්‍ර‍හක තැටිය තවමත් පවතින්නේ ප්‍රාථමික අවධියේය.
මෙය විද්‍යාඥයන් විසින් 2MASS J16281370-2431391 ලෙස නම් කර තිබේ.  එහි ඇතැම් ස්ථානයන්හි උෂ්ණත්වය සෙල්සියස් අංශක 10ක සිට සෙල්සියස් අංශක 266ක් දක්වා විචල්‍යය වන බව විද්‍යාඥයන් විසින් ගණනය කැර ඇත.
අලෝක වර්ෂ 400ක් පමණ ඈතින් පිහිටා ඇති නිර්මාණය වෙමින් පවතින මේ නව ග්‍ර‍හ මණ්ඩලය මුලින් ම නිරීක්ෂණය කර ඇත්තේ ස්පාඤ්ඤයේ පිහිටි ඉරාම් දුරේක්ෂයෙනි.
Share on Google Plus

About Unknown

0 comments:

Post a Comment