මැමත් යළි උපදියි ?

අතීතයේ ජීවත්වූ ලෝම සහිත මැමත් සතුන් යළි ප්‍රතිනිර්මාණය කිරීමේ යෝධ පියවරක් තැබීමට විද්‍යාඥයෝ පිරිසක් සූදානම් වෙති.
හොඳින් ආරක්ෂා වී තිබූ මැමත් සතුන්ගේ මළ සිරුරු වලින් ලබාගත් ජීවී ජාන කට්ටල 14ක් පමණ ජීවී අලියකුගේ ඩී.එන්.ඒ. වලට ඇතුල් කිරීමෙන් මැමත් සතකු බිහිකිරීම ඔවුන්ගේ අපේක්ෂාවයි. මේ සඳහා අවශ්‍ය ඩී.එන්.ඒ. ලබාගෙන ඇත්තේ ආක්ටික් ප්‍රදේශයේ ආරක්ෂා වී තිබූ මැමත් මළ සිරුරු කිහිපයකිනි.
හාවඩ් විශ්වවිද්‍යාලයේ දී මෙම ජාන අලියකුගේ ජාන සැකසුමකට එකතුකිරීමෙන් සාමාන්‍ය ඩී.එන්.ඒ නිපදවනු ලබයි. පර්යේෂණය සිදුකරණ ප්‍රවේණි විද්‍යාව පිළිබඳ මහාචාර්ය ජොර්ජ් චර්ච් පවසන්නේ මේ ඩී.එන්.ඒ හුවමාරුව නිවැරදි ලෙස සිදුකිරීමට හැකියාව ලැබෙනු ඇති බවයි. එම ක්‍රමය ‘ක්‍රිස්පර්‘ ලෙස හඳුන්වයි. මහාචාර්ය වරයා වැඩිදුරටත් මෙසේ ද කීවේය.
‘‘ අපි ලබාගත් ජාන අතර සීතලට ඔරොත්තුදීමේ හැකියාව තිබීම, කන්වල ප්‍රමාණය, හම යට තිබෙන මේද තට්ටුව සහ විශේෂයෙන් රුධිරයේ හිමොග්ලොබින් ප්‍රමාණය සම්බන්ධ ජාන වලට ප්‍රමුඛත්වය ලබා දුන්නා. අපි දැන් සිදුකරන්නේ අලියකුගේ සෛල හා මැමත්ගේ ඩී.එන්.ඒ එකතු කිරීමයි. දැනට කණ්ඩායම් තුනක් මේ පර්යේෂණයේ නිරතව සිටිනවා. “

විද්‍යාඥයන්ගේ මතය විශාලත්වයෙන් වත්මන් අප්‍රිකානු අලිකුට සමානයැයි විශ්වාස කරණ මැමත් ලෝකයෙන් වඳවී ගියේ මිනිසා විසින් ආහාර සඳහා දඩයම් කිරීම හේතුවෙන් බවයි.
ක්‍රිස්තු පූර්ව 1700 දී පමණ සයිබිරියාවේ අවසාන ලෝම් සහිත මැමත් ගහණය සිටින්නට ඇතැයි සාධක ඇත. විද්‍යාඥයන් විශ්වාස කරන්නේ හිම යට වැළලී මැමත් සිරුරු ලක්ෂ 1500ක් පමණ ඇති බවයි.
Share on Google Plus

About Unknown

0 comments:

Post a Comment