ලොව විශිෂ්ඨයන් අතරට සංගා සහ සනත් එකතුවෙයි


ඕස්ට්‍රේලියානු ක්‍රිකට් වෙබ් අඩවියක් වන cricket.com.au වෙබ් අඩවිය මේ දවස්වල ලොව විශිෂ්ටතම එක්දින ක්‍රිකට් ක්‍රීඩකයා තේරීම සිදුකරනවා.
එහි අවසන් ක්‍රීඩකයින් 16 දෙනා අතරට තේරී පත්වීමට ශ්‍රී ලංකාවේ සනත් ජයසූරිය හා කුමාර් සංගක්කාර සමත්ව වෙලා තියෙනවා.
කොහොම වුනත් ලොව විශිෂ්ටතම එක්දින ක්‍රිකට් ක්‍රීඩකයා තේරීමේ ඡන්ද සටනට ශ්‍රී ලංකාවෙන් අරවින්ද ද සිල්වා, ටී.එම්. ඩිල්ෂාන්, මහේල ජයවර්ධන, සනත් ජයසූරිය, මුත්තයියා මුරලිදරන්, කුමාර් සංගක්කාර, චමින්ද වාස් හා ලසිත් මාලිංග තෝරාගෙන තිබුණා.
මේ ක්‍රීඩකයන් 08 දෙනාගෙන් මේ වෙන කොට අවසන් ක්‍රීඩකයන් 16 දෙනා අතරට එන්න සමත් වුනේ සනත් ජයසූරිය හා කුමාර් සංගක්කාර විතරයි.
අවසන් 16 දෙනා අතරට ආපු කුමාර් සංගක්කාර, ඉන්දියාවේ මහේන්ද්‍ර සිං දෝනි හා ඕස්ට්‍රේලියාවේ ඇඩම් ගිල්ක්‍රිස්ට් පරාජයට පත්කර ඡන්ද සටනින් ඉදිරියට ඇවිත් ඇති අතර, අවසන් 16 දෙනාගේ වටයේදී දකුණු අප්‍රිකාවේ ඒබී ඩිවිලියර්ස් හා තරග වදින්න නියමිතයි.
ශ්‍රී ලංකාවේ විශිෂ්ට වේග පන්දු යුගලක් වන චමින්ද වාස් හා ලසිත් මාලිංග අතර ඡන්ද සටනින් චමින්ද වාස් ජයග්‍රහණය කර තිබුණද බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක කර්ට්ලි ඇම්බ්‍රෝස් හමුවේ වාස් පරාජයට පත්වෙලා.
අවසන් 08 දෙනා අතරට පාකිස්තානයේ ජාවේඩ් මියැන්ඩැඩ් පරාජය කර බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක විව් රිචඩ්ස් තේරී පත්වෙලා තියෙනවා. ලොව විශිෂ්ටතම එක්දින ක්‍රීඩකයා තේරීමේ අවසන් ක්‍රීඩක 16 දෙනා අතරින් බහුතරය පාකිස්තානු ක්‍රීඩකයන් වීම සුවිශේෂී සිදුවීමක්.
ලොව විශිෂ්ටතම එක්දින ක්‍රීඩකයා තේරීමේ අවසන් 16 දෙනා
සචින් තෙන්ඩුල්කාර් (ඉන්දියාව), මයිකල් බෙවන් (ඕස්ට්‍රේලියාව), විව් රිචඩ්ස් (බටහිර ඉන්දීය කොදෙව්), ජාවේඩ් මියැන්ඩාඩ් (පාකිස්තානය), විරාට් කෝලි (ඉන්දියාව), ඉන්සමාම් උල්-හක් (පාකිස්තානය), සනත් ජයසූරිය (ශ්‍රී ලංකාව), රිකී පොන්ටින් (ඕස්ට්‍රේලියාව), වසීම් අක්‍රම් (පාකිස්තානය), වකාර් යුනිස් (පාකිස්තානය), ඉම්රාන් ඛාන් (පාකිස්තානය), කර්ට්ලි ඇම්බ්‍රෝස් (බටහිර ඉන්දීය කොදෙව්), කුමාර් සංගක්කාර
(ශ්‍රී ලංකාව), ඒ.බී. ඩිවිලියර්ස් (දකුණු අප්‍රිකාව), ෂේන් වෝන් (ඕස්ට්‍රේලියාව), ෂහීඩ් අෆ්රිඩි (පාකිස්තානය)
Share on Google Plus

About Unknown

0 comments:

Post a Comment