ෂේන් වොට්සන්ට කෝටි 20 ක්
ඉන්දීය පි‍්‍රමියර් ලීග් (අයි. පී. එල්.) විස්සයි20 කි‍්‍රකට් තරගාවලියේ කී‍්‍රඩක වෙන්දේසියේදී ඕස්ටේ‍්‍රලියානු තුන් ඉරියව් කී‍්‍රඩක ෂේන් වොට්සන් වැඩිම මිලකට අලෙවි වූ විදෙස් කී‍්‍රඩකයා බවට පත්ව තිබේ. ඇමරිකානු ඩොලර් මිලියන 1.4 ක මුදලකට හෙවත් ශී‍්‍ර ලංකාවේ මුදලින් රුපියල් කෝටි 20 කට වැඩි මුදලකට ඔහුව මිලදීගෙන ඇත්තේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමයි.
විස්සයි20 තරග රටාවට උචිත කී‍්‍රඩකයෙක් වන 34 හැවිරිදි වොට්සන්, සිවු වතාවක්ම ඔහු වෙනුවෙන් වෙන්දේසිය ආරම්භයේදී තබන ලද ලංසුවට වඩා වැඩි අගයකට අලෙවි වී තිබේ.
”රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට එක්වෙන්න ලැබීම ගැන මට අදහගන්නත් බෑ. අපේ‍්‍රල් මාසයේදී මගේ අලූත් කණ්ඩායම් සගයන් මුණගැසීම සඳහා මම හුගක් නොඉවසිල්ලෙන් ඉන්නේ” යැයි වොට්සන් සිය ට්විටර් පණිවිඩයක සඳහන් කර තිබේ.
ප‍්‍රවේගකාරී පිතිකරුවකු වන කෙවින් පීටර්සන්ගේ සේවය ඇමරිකානු ඩොලර් 515,000 කට ලබාගැනීමට අයි. පී. එල්. තරගාවලියට සහභාගිවන නව කණ්ඩායමක් වන පුනේ සුපර්ජයන්ට්ස් කණ්ඩායම සමත්වී තිබේ. මෙවර තරගාවලියට අලූතින් එක්වන අනෙක් කණ්ඩායම වන්නේ ගුජරාට් ලයන්ස් කණ්ඩායමයි.
මින් පෙර තරගාවලි වලට සහභාගි වූ චෙන්නායි සුපර් කිංග්ස් සහ රාජස්තාන් රෝයල්ස් කණ්ඩායම් වලට එරෙහිව තහනමක් පැනවීම නිසා පුනේ සුපර්ජයන්ට්ස් සහ ගුජරාට් ලයන්ස් කණ්ඩායම් දෙක මෙවර තරගාවලියට එක්ව තිබේ.
ඉන්දීය කී‍්‍රඩක යුවරාජ් සිං ඇමරිකානු ඩොලර් මිලියන 1.03 කට (රුපියල් කෝටි 14 ක්) අලෙවි වී ඇති අතර ඔහුගේ සේවය ලබාගැනීමට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සමත්වී තිබේ. කෙසේ වුවත් ඉකුත් වසරේදී (2015) ඔහුට නියම වූ ලන්සුවට වඩා එහි සැළකිය යුතු මට්ටමක අඩුවක් දක්නට තිබේ. ඉකුත් වසරේදී ඔහුට නියම වූ ලන්සුව ඇමරිකානු ඩොලර් මිලියන 2.3 කි.
දකුණු අපි‍්‍රකාවේ කි‍්‍රස් මොරිස්ගේ සේවය ඇමරිකානු ඩොලර් මිලියනයකට ලබාගැනීම දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් කණ්ඩායම සමත් වූයේ ඔහු, මුම්බායි ඉන්දියන් සහ කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම් දෙක අතර 14 වරක් හුවමාරු වීමෙන් අනතුරුවයි.
ආබාධයකට ලක්ව සිටින ඕස්ටේ‍්‍රලියානු විස්සයි20 කණ්ඩායමේ නායක ඒරන් ෆින්ච්ගේ සහ නවසීලන්ත කණ්ඩායමේ ආරම්භක පිතිකරු මාටින් ගප්ටිල්ගේ සේවය ලබාගැනීමට කිසිදු කණ්ඩායමක් ඉදිරිපත් නොවීමද මෙහිදී කැපී පෙනෙන සිදුවීමක් විය.
පළමු වෙන්දේසියේ අවසන් කී‍්‍රඩකයා ලෙස දකුණු අපි‍්‍රකාවේ ඬේල් ස්ටේන්, ඇමරිකානු ඩොලර් 500,000 කට අළෙවි විය. ඉන්දියාවේ ප‍්‍රධාන පෙලේ ව්‍යාපාරිකයන්, කණ්ඩායම් හිමිකරුවන්, පුහුණුකරුවන් සහ ඒ ඒ කණ්ඩායම් නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ කී‍්‍රඩකයෝ රැසක් මෙම වෙන්දේසියට සහභාගී වූහ.
නමවැනි වරට පැවැත්වෙන අයි. පී. එල්. තරගාවලිය අපේ‍්‍රල් මස 9 වැනිදා සිට මැයි මස 29 වැනිදා දක්වා ඉන්දියාවේ නගර කිහිපයකදී පැවැත්වේ.
0 comments:
Post a Comment