පී. සිවරාමක්‍රිෂ්ණන්
බීබීසී දෙමළ සේවය
ඉන්දියාවේ තොරතුරු තාක්ෂණ සමාගමක් ලොව උසම ඔරලෝසු කණුව ඉදි කිරීමට පියවර ගනිමින් ඇත.
දැනට ලොව ඇති අතිප්‍රසිද්ධ ඔරලෝසු කණු සමග සංසන්දනය කරන විට ඉන්දියානු නව ඔරලෝසු කණුව කරුණු කීපයක් නිසා විශේෂත්වයක් හිමි කර ගනියි.
ඉන්දියාවේ ඉහල පෙළේ තොරතුරු තාක්ෂණ ආයතනයක් වන ‘ඉන්ෆොසිස්’ ආයතනය පවසන්නේ ලෝකයේ උසම ඔරලෝසු කණුව දකුණු ඉන්දියාවේ මයිසූර් ප්‍රාන්තයේ විශ්වවිද්‍යාල භූමියෙහි ඉදි කරන බවයි. ඉදිකිරීමට සැලසුම් කර ඇති නව ඔරලෝසු කණුවේ උස මීටර් එකසිය තිස් පහකි.
ජර්මන් ජාතික පෞරාණික ගෝත්‍රයක් වන ‘ගොත්’ වරුන්ගේ ගෘහ නිර්මාණ ශිල්පයට අනුකූලව ඉදි කෙරෙන ඔරලෝසු කණුවේ ඉදි කිරීම් ලබන වසරේ දී (2017) සම්පුර්ණ කිරීමට බලාපොරොත්තු වන බවයි ‘ඉන්ෆොසිස්’ ආයතනය කියා සිටින්නේ.
ගොත් සම්ප්‍රදාය
ලන්ඩන් නුවර වෙස්ට්මිනිස්ටර් පාර්ලිමේන්තුව අබියස පිහිටි ‘බිග් බෙන්’ ඔරලෝසු කණුවේ උස මීටර් 96 කි.
බිග් බෙන් ඔරලෝසු කණුවේ මෙන් ‘ඉන්ෆොසිස්’ නව ඔරලෝසුවේත් සෑම පැයකම සීණු නාද වන්නේද යන්න තවමත් නිශ්චිතව ප්‍රකාශ කොට නොමැත.
ඉන්ෆොසිස් සමාගමේ උප විධායක සභාපති රාමදාස් කමත් බීබීසි දෙමළ අංශය සමග අදහස් දක්වමින් කියා සිටියේ ‘ඔරලෝසු කණුවක් යනු ශ්‍රේෂඨත්වය, විනය සහ වෙලාවට වැඩ කිරීම පිළිබිඹු කරන’ බවයි.
මයිසූර් විශ්ව විද්‍යාලය ලෝකයේ තොරතුරු තාක්ෂණය පිළිබඳව හැදෑරීම් සඳහා වැඩිම පහසුකම් ඇති ආයතනය වන බවත් රාමදාස් කමත් පවසයි.
තට්ටු දහනවයකින් යුතු නව ඔරලෝසු කණුව සාකච්ඡා කාමර, අමුත්තන් රැස්වෙන ආලින්ද, භෝජනාගාරයක්, සහ නැරඹුම් සඳලුතල ආදියෙන් සමන්විත වෙයි.
එම ඔරලෝසු කණුව ක්‍රියාත්මක වෙන්නේ ඩිජිටල් තාක්ෂණයෙනි.
වියදම ඩොලර් කෝටියක්
පිටතින් පරණ තාලයට නිම කෙරුණ ඔරලෝසුවක ආකාරයට පෙනුනත් නව ඔරලෝසු කණුව ක්‍රියාත්මක වන්නේ සම්පූර්ණයෙන්ම ඩිජිටල් තාක්ෂණයට අනුව වන බවයි ‘ඉන්ෆොසිස්’ සමාගම පවසන්නේ.
නව ඔරලෝසුව ඩිජිටල් තාක්ෂනය අනුව ක්‍රියාත්මක කරනු ලැබීමේ වාසි බීබීසියට විස්තර කරමින් සමාගමේ උප විධායක සභාපති රාමදාස් කමත් කියා සිටියේ ‘ජාතික වශයෙන් වැදගත් දින සහ ආගමික උත්සවවල දී එමගින් වැදගත් පණිවුඩ ප්‍රදර්ශනය කළ හැකි' බවයි.
පෞරාණික ‘ගොතික්’ ගෘහ නිරමාණ ශිල්පය සහ ඩිජිටල් තාක්ෂනය උපයෝගී කර ගනිමින් ඉදිකිරීමට යන ලොව උසම ඔරලෝසු කණුව සඳහා ඇමරිකානු ඩොලර් කෝටියක් වියදම් වනු ඇතැයි ඇස්තමේන්තු කරනු ලැබ ඇත.
0 comments:
Post a Comment