ලෝකයේ ජීවීන් වඳවී යන්නට හේතුවූයේ උල්කාෂ්ම හා ගිනි කඳු පිපිරීම්යැයි විශ්වාසයක් පැවතිනි. එසේ වුව ද අදින් වසර කෝටි 54කට පෙර ලෝකයේ පළමු ජීවී විනාශය හෙවත් පළමු මහා වඳවීම සිදුව ඇත්තේ එවැනි හේතුවකින් නොවේ යැයි විද්‍යාඥයෝ කියති.
ඔවුන් පවසන්නේ පෘථිවියේ සිටි ආදිතම ක්ෂුද්‍ර ජීවීන් වඳකැර දමා ඇත්තේ සංකීර්ණ ජීවී පරිනාමයකින් බවයි.
සාමාන්‍යයෙන් ජීවින්ගේ විනාශය ගැන දොස් පැවරුණේ උල්කාෂ්මියක බලපෑමක් සහ ගිනිකඳු පිපිරීමක් වැනි සීඝ්‍ර සාධකයකටවේ. ලෝකයේ පළමු ක්ෂුද්‍ර ජීවීන් ලෙස සැළකෙන ඊඩියාකැරන් ලෝකයෙන් වඳවී ඇත්තේ අදින් වසර කෝටි 54ට පෙර බවත් එයට හේතුව වී ඇත්තේ මන්දගාමීව සිදුවූ ජීවී පරිනාමයක් බවත් ඔවුහු කියති.
වැන්බර්ලලට් විශ්වවිද්‍යාලයේ පෘථිවිය සහ පරිසර විද්‍යාව පිළිබඳ මහාචාර්ය සයිමන් ඩැරොච් පවසා ඇත්තේ ජීව විද්‍යාත්මක ප්‍රාණීන් ජීවය තුරන්කිරීමට යොදා ගත හැකි බවයි.
ඔහු පවසන්නේ මෙලෙස වඳවූ ක්ෂුද්‍ර ජීවීන් වසර බිලියන තුනකට වැඩි කාලයක් පෘථිවියේ අණසක පතුරාගෙන ඉන්නට ඇති බවයි. ඒ ඇතැම් ක්ෂුද්‍ර ජීවීන් හිරු එලියේ ශක්තිය ග්‍රහණය කැර ගැනීමේ හැකියාවෙන් ද යුක්තවී ඇත. ප්‍රභාසංස්ලේෂණ ක්‍රියාවලිකය යෙදුණු ඔවුන්ගේ විෂ සහිත බහිස්‍රාවීය ද්‍රව්‍යයක් ලෙස ඔක්සිජන් නිපදවිණි. ඒ වනවිට ඔක්සිජන්වලින් තොර පරිසරයක වර්ධනය වෙමින් සිටි ක්ෂුද්‍ර ජීවී විශේෂවලට ඔක්සිජන් විෂ සහිත වන්නට ඇත. ඔක්සිජන් අලුත් බලසම්පන්න ශක්ති ප්‍රභවයක් ලෙස ප්‍රයෝජනයට ගත හැකි අයුරින් තැන්පත් විය.
ඉඩියාකැරන් ක්ෂුද්‍ර ජීවින් පැලෑටි වලට සමාන කමක් දක්වයි. මේවා නිශ්චල වන අතර සිලින්ඩරාකාර ප්‍රාණියෙකි.
එය ක්‍රමයෙන් වෙනස් වී මෘද්වංශිකයන්,ආත්‍රපෝඩාවන්, ජෙලි ෆිෂ් වැනි සතුන් විකසනය වි තිබේ. විද්‍යාඥයින් පවසන්නේ මෙම සතුන් බඩගින්න නිවා ගැනීම සඳහා ඊඩියාකැරන්ස් කා දැමීම හේතුවෙන් පළමු සත්ව විනාශය ලෝකයේ සිදුවු බවයි.
ඩැරොච් පවසන්නේ මෙම නව ජීවින් එනම් පරිසර විද්‍යාත්මක ඉංජිනේරුවන් විසින් පරිසරය වෙනස් කම් වලට වැඩි වැඩියෙන් භාජනය කිරීම හේතුවෙන් ඊඩියා කැරන්ස් හට ජීවිත බේරා ගැනීමට නොහැකි වු බවයි.
ඩැරොච් සහ ඔහුගේ කණ්ඩායම විසින් නැමීබියාවේ කඳුකර පෙදෙසකදී එඩිකැරන් ප්‍රජාව සම්බන්ධයෙන් සවිස්තරාත්මක අධ්‍යනයක් කර තිබේ.
එහිදී පර්යේෂකයන් පවසන්නේ ප්‍රමාණාත්මක පුරාභුමික සාක්ෂි මගින් පරිනාමවාදී නවෝත්පාදන, පරිසර පද්ධති ඉංජිනේරු ශිල්පය සහ ජීව විද්‍යාත්මක අන්තර ක්‍රියාව මගින් අවසානයේදී පළමු ජීවි විනාශය සිදුවු බවයි.
0 comments:
Post a Comment