පොල්තෙල් අගුණයි කියන්නේ බොරුවටලු


පොල්තෙල් ශරීරයට අගුණ යැයි මිත්‍යා මතයක් සමාජයේ පැතිර පවතින බවත් එය ව්‍යාජ මතයක් බවත් වෛද්‍යවරු කියති. අප පුදුම කරවනසුලු ප්‍රතිඵල පොල්තෙල් භාවිතය තුළින් අත්විඳිය හැකි බව නවතම විද්‍යාත්මක තොරතුරු අනාවරණය කරයි.
පොල්තෙල් භාවිතය සෞඛ්‍ය සම්පන්න දිවියකට ආකාර 5කින් වැදගත්වන අයුරු විද්‍යාඥයින් පෙන්වාදෙයි.
එනම් කායික හා මානසික ක්‍රියාකාරීත්වය පිරිහීයාම නොහොත් අල්ෂයිමිර් රෝගීන්ගේ මොළයේ ක්‍රියාකාරිත්වය වැඩිවීමට පොල්තෙල් උපකාරී වේ. මොළයේ සෛලවලට ශක්තිය ලබාදීම එමගින් සිදුවේ.
තවද පොල්තෙල් රුධිරයේ කොලස්ටොරෝල් මට්ටම වැඩිදියුණු කරන අතරම හෘදයාබාධ අවදානම පහත හෙළීම සිදුකරයි. කොලොස්ටොරෝල් මගින් හෘදයාබාධ අවදානම වැඩිකළද එච්ඩීඑල් මට්ටම වැඩිවීමෙන් එම හානිය සිදුනොවන බව වෛද්‍යවරු කියති. 
රුධිරය කැටිගැසීම වැළැක්වීමේ හැකියාවද පොල්තෙල් සතුය. පොල්තෙල් මගින් ස්වභාවික ලස්සන වැඩිකිරීමක්ද සිදුවේ. ශරීරයේ බාහිර පෙනුම අලංකාරය සඳහා සතියකට වරක් හෝ දෙවරක් බාහිර සමේ පොල්තෙල් ගා සම්බාහනය කිරීම කළ යුතු බව විද්‍යාත්මකව තහවුරු කැරගෙන ඇත. කොණ්ඩයේ බොකුටු ස්වභාවය අවම කර සිනිඳු කිරීමේ හැකියාවද පොල්තෙල් සතුය. පොල්තෙල් නිතිපතා භාවිතය නියපොතු මොළොක් කරවීමට හේතුවක් වන බවද සොයාගෙන ඇත.
ආහාරයක් වශයෙන් පොල්තෙල් ඉතා ගුණ බවද කියති. බටර් වෙනුවට පොල්තෙල් භාවිතය සෞඛ්‍ය සම්පන්න දිවියකට හේතුවන බවත් රසය වැඩිකිරීමට හේතුවන බවත් සොයාගෙන ඇත.
Share on Google Plus

About Unknown

0 comments:

Post a Comment