ඔබටත් ලොතරැයි දිනුමක් ලැබේද?


ලොතරැයි දිනුමකින් හෝ රේස් දැමීමකින් හෝ කෙනකු බලාපොරොත්තු වන්නේ හදිසියේ ධනවත් වීමටයි. සෑම දෙනකුටම ලොතරැයි වාසනා ලැබේද යන්න මෙහිදී සලකා බැලිය යුතුය. කෙනකුට අන් සතු ධනයක් හෝ විශාල මුදලක් එකවර ලැබීමට ඔබේ කේන්දරයේ පෙර පින ගැන 05 වැන්නද ධනය ලැබීම ගැන 11 වැන්නද පරීක්ෂා කළ යුතුය.
ඔබටත් ලොතරැයි දිනුමක් ලැබේද?
ලොතරැයි දිනුමකින් හෝ රේස් දැමීමකින් හෝ කෙනකු බලාපොරොත්තු වන්නේ හදිසියේ ධනවත් වීමටයි. සෑම දෙනකුටම ලොතරැයි වාසනා ලැබේද යන්න මෙහිදී සලකා බැලිය යුතුය. කෙනකුට අන් සතු ධනයක් හෝ විශාල මුදලක් එකවර ලැබීමට ඔබේ කේන්දරයේ පෙර පින ගැන 05 වැන්නද ධනය ලැබීම ගැන 11 වැන්නද පරීක්ෂා කළ යුතුය.
එමෙන්ම අංක විද්‍යාව මඟින්ද ඔබට ලොතරැයිපත් මිලදී ගැනීමට සුදුසු අංක හා ඔබ මිලදී ගත යුතු වන්නේ කුමන ලොතරැයි පත්ද යන්න දැන ගැනීමට පුළුවන.
අද බොහෝදෙනා ලොතරැයිපත් මිලදී ගෙන තම ධනය නැති කර ගනී. තවත් අය කලාතුරකින් ලොතරැයිපත් මිලදී ගෙන විශාල මුදලක් එකවර දිනාගනී. මෙයට බලපා ඇත්තේ තමාගේ දෛවය බව අමතක නොකළ යුතුය.
එනිසා ලොතරැයිපත් මිලදී ගැනීමේදී ඔබගේ දෛව අංකයද වාසනා අංකයද සොයා ඊට සරිලන පරිදි එය කළ යුතුය. අංක විද්‍යාව මඟින් ඔබට ඒ සඳහා සහනයක් ලබාගත හැකිය.

අංකවල ගුප්තමය බලයක් තිබෙන බව අංක විද්‍යාවට අනුව පිළිගෙන ඇත. ඒ අනුව ග්‍රහයන්ටද අංක ආදේශ කර ඇත. රවිට අංක 01ද සඳුට අංක 02ද, ගුරුට අංක 03ද රාහුට අංක 04ද, බුධට අංක 05ද, සිකුරුට අංක 06ද, කේතුට අංක 07ද, ශනිට අංක 08ද, කුජට අංක 09ද වශයෙනි.
කෙනකුගේ දෛව අංකය, වාසනා අංකය සොයාගනු ලබන්නේ ඔහුගේ උපන් දිනය අනුසාරයෙනි. උදාහරණයක් වශයෙන් 1938.03.30 දින උපන් අයකුගේ දෛව අංකය 09යි.

තමන් මිලදී ගත යුත්තේ කුමන ලොතරැයි පතක්ද යන්නද ඔබගේ දෛව අංකයට අනුව තෝරා ගැනීමට පුළුවන. කෙනකුට මහජන සම්පත ටිකට් පතින් වාසනාව ලැබුණත් තව කෙනකුට එසේ නොවන්නට පුළුවන.
එසේම ඔබගේ නමට අනුවද අංක ගළපා ඔබේ නමට එන අගයටද බැලිය යුතුය. ඔබේ නමට එන අගයෙන් ඔබ ලොතරැයි පත් මිලයට ගත යුතු දිනය දැනගත හැකිය. නිමල් නමැති අය ලොතරැයි පතක් මිලයට ගනී නම් ඔහුට ඒ සඳහා සුදුසු දිනය වන්නේ ඉරිදා දිනයයි. ඔහුගේ නමේ අගය 04 බැවින් නමේ අගය අංක 07 ලැබේ නම් සුදුසු දිනය වන්නේ සඳුදාය.

ඔබ මිලදී ගත යුතු ටිකට් පතේ ඉංගී්‍රසි අක්ෂරය හා අංක තීරණය කරගත යුත්තේ ඔබගේ දෛව අංකයට ගැළපෙන පරිදිය. ඔබගේ දෛව අංකය 08 නම් ඔබ මිලයට ගත යුතු වන්නේ ඩ්, ශ්‍රී , ඛ යන අක්ෂරවලිනි. අංක විය යුත්තේ 08, 17, 26, 35, 44 වශයෙනි. ඔබට වාසනාව ගෙන දෙන දිනවල ඔබ ලොතරැයි පත් මිලයට ගත යුත්තේ පක්ෂියා රජ කරන වේලාවට හෝ ඔබට සුබ පල ලබාදෙන හෝරාවකිනි. චූල ජේ‍යාතිෂය අනුව පක්ෂියා රජ කරන වේලාව සුබ වේලාව ලෙස සලකයි.

එසේම ඔබ ඉපදුණු වේලාවට අනුව ඔබ උපන් කාල හෝරාව දැනගෙන එම කාලහෝරාවට අනුව ටිකට් පත් මිලදී ගැනීමද යහපත්ය. ඔබ උපන් හෝරාව කුජ යැයි සිතමු. ඔබට වාසනාව ගෙන දෙන දිනයද තෝරා එම හෝරාවට ජය අංකයෙන් ටිකට් පත් මිලදී ගැනීමද සුබපල දෙයි.

ඔබගේ කේන්දරයේ 05 වැනි භාවය තුළ ගුරු, සිකුරු, පුර සඳු හා බුධ බලවත්ව සිටීමද වැදගත්ය. එනිසා ලොතරැයි පත් මිලයට ගැනීමට පෙර ඔබ කේන්දරය පරීක්ෂා කර ගැනීමද කළ යුතු වෙයි. ඔබගේ පක්ෂියා රජ කරන වේලාවද සුබ දිනයක සුබ හෝරාවකට අයත් වූයේ නම් ප්‍රතිඵලයක් ලබාගත හැකි වනු ඇත.
පංච පක්ෂි ක්‍රමයේදී පක්ෂියා රජ කරන වේලාවන් තුළ අති සූක්ෂ්ම රජ කාලයද සොයාගත යුතුය. මෙය දිනකට 02 වරක් යෙදෙන බැවින් ඔබට සුදුසු කාලය ලබාගත හැකිය. මෙහිදී අව පක්ෂයට වඩා පුර පක්ෂයේ පක්ෂියා රජ කරන වේලාව බලවත්ය.

මේ අනුව ඔබගේ කේන්දරයද පරීක්ෂා කර බලා සුදුසු ජය අංකයක් මත ඔබටත් සුබ දිනයකදී වාසනාව උදා කරගත හැකිය. යම්කිසි දිනුමක් ඔබටත් ලැබෙනු ඇත.
ජේ‍යාතිෂවේදී එම්.එම්. ගුණවර්ධන
කිතලව.
Share on Google Plus

About Unknown

0 comments:

Post a Comment