“නිදා සිටින රාවණා රජු” නැගිටුවන්න ගිය කාන්තාව

2_SLT_P_4    

බදුල්ල දිස්ත්‍රික්කයේ ඇල්ල-වැල්ලවාය මාර්ගයේ ඇල්ල නගරය පසුකර කිලෝ මීටර් 7ක් දුර වැල්ලවාය දෙසට යන විට මහා මාර්ගය අසලම නෙත ගැටෙන සුවිසල් දිය ඇල්ල රාවණා දිය ඇල්ල හෙවත් බඹරගල ඇල්ල ලෙස හැඳින්වෙයි.

දියඇල්ල පසුබිම් කරගත් අක්කර දහස් ගණනක් පුරා පැතිරුණ පර්වතය හා ඒ අවට පරිසරය පුරා රාවණා රජු හා බැදුණු ඉතිහාස කතා අසන්නට ලැබේ. එමෙන්ම එම කතා බොහොමයක් සනාථ කළ හැකි සාක්කිද ඇතැයි කියැවේ.

රාවණා ඇල්ලට නුදුරින් පිහිටි රාවණා රජ මහා විහාරස්ථානය ද ඊට නුදුරින් පිහිටි රාවණා රජුගේ වාසස්ථානයක් ලෙස සැලකෙන ගල් ගුහාවද ඉතිහාස කතාවලට සාක්කි සපයයි.

රාවණා රජතුමා සීතා දේවිය පැහැරගෙන විත් මෙම ගුහාවක සැඟවු බවටද ජනප්‍රවාදයකි.
5
මෙම පර්වතය යටින් සැතපුම් විශාල ගණනක් දුරට විහිදුණු උමං මාර්ග කීපයක්ම  තිබූ බව සඳහන්වෙයි .

රාවණා ඇල්ල ගුහාවෙන්   නුවරඑළියේ ශිත එළියෙන්  බෝගොඩ රජමහා  විහාරය අසලින් හා දෝව රජමහා විහාරය අසලින් මෙම උමං මාර්ග විහිදී තිබුණ බවට එම ස්ථානයන්හි අදත් දැකිය හැකි  උමං කටවල්. සාක්කි දරන බවටද මතකයකි. 

මීට අමතරව මතුපිට සිට අඩි සියගණනක් යටින්  තවත් ප්‍රදේශ කීපයකට යා හැකි ලෙස උමං මඟ සැකසී තිබූ බවටද විශ්වාසයක් පවතී. 

උමාඔය බහුකාර් සංවර්ධන ව්‍යාපෘතියේ උමඟ කැනීමේදී මේ ඉසව්වේම උමං දොරක් මතුව තිබුණි.

ඒ තුළ  සිංහාසනයක් හා ඔටුන්නක් ඇති බවටද,  රාවයක් පැතිර ගියේය. කෙසේ නමුත්  මේ උමඟට ඇතුළුවීම තහනම් කරමින් පොලිස් විශේෂ කාර්ය බළකායේද ආරක්ෂාව යටතේ එම උමං කට වසා දැමුණු නිසා ඉන් ඔබ්බට අනාවරණයක් නොවීය. කෙසේ නමුත්, 
එවන් අපුරු උමං මගක් අපට 2012 වසරේ දෙසැම්බර් මාසයේ අප කළ ගවේෂණයදී  හමුවිය. රාවණා ඇල්ල පසුකර වැල්ලවාය මාර්ගයේ  තවත් කිලෝ මීටර් 3ක් පමණ ගිය පසු කරඳගොල්ල 10 කණුවෙන් හැරි බණ්ඩාරවෙලට විකල්ප මාර්ගයක් වන මාර්ගයේ කිලෝමිටර් 3ක් පමණ ගොස් මාර්ගයට පහළින් පිහිටි වන රොදක් ඔස්සේ ගමන් කර    ගම්වැසියන්ගේ සහයෙන් අපි එම උමඟ  සොයා ගතිමු.එම උමඟ සහ ඒ තුළ වු අති විස්මිත  නිල්දිය පොකුණ පිළිබඳව වූ විශේෂාංග ලිපිය මුල්වරට ඉරිදා ලංකාදීපයෙන් අනාවරණ කළෙමු. ඉන්පසු විවිධ ජනමාධ්‍ය ඔස්සේ  මෙම උමඟ ගැන කතා කළේය.

රාවණා රජු මෙහි වාසය කළ අතර ඔහුගේ  අන්තඃ පුරයක් මෙම ගුහාව තුළ තිබූ බවත්, උමං මාර්ගයෙන් විවිධ ප්‍රදේශවලට යා හැකිව තිබු බවටත්  ගම්වැසියන් තුළ ජනප්‍රවාද පවතී.

ඒ ඉතිහාස කතා අබිබවා මේ දිනවල කතා බහට ලක් වන්නේ මෙම උමඟ තුළ සිහිසුන්ව සිටිනා බව කියන රාවණා රජතුමා නඟා සිටුවිම සදහා මොරටුවේ සිට  පැමිණි ස්ත්‍රියක්  ගැනය. 

කවුරුද  මේ ස්ත්‍රිය  
නිරාශා ලක්ශානි සිල්වා, 24 හැවිරිදි  දෙදරු මවක වන මෙම කාන්තාව  මීට දින කීපයකට පෙර බදුල්ල දිස්ත්‍රික් ලේකම් නිමල් අබේසිරි මහතා හමුවීමට පැමිණ සිටියේ  සිය සැමියා සහ උමාඔය බහුකාර්ය ව්‍යාපෘතියේ සේවකයකු ඇතුළු කණ්ඩායමක්  සමගිනි. තමන්ගේ නම නිරාශා ලක්ශානි සිල්වා බවද මොරටුවේ සිට ඉතා වැදගත් කාරණයක් සඳහා අවසර ගැනීමට පැමිණි  බවද ඇය දිස්ත්‍රික් ලේකම් වරයාට  පැවසුවාය. 

“කරඳගොල්ලේ උමඟක් තියෙනවා. රාවණා රජ්ජුරුවෝ එම උමඟ තුළ සිහිසුන්ව සිටිනවා.

රජතුමා  නැගිට්ටොත් රටට මහා විනාශයක් වෙනවා.

ඒ නිසා නැගිටින්න කලින් අවදි කරවා ඔහු සතු ශක්තිය ගෙන රටට මහා ශාන්තියක් ලබාදී අපේ රටට ඉතා හොඳ කලක් උදාකළ හැකියි.
ඒ සඳහා ගුප්ත බලයක් මට ලැබි තිබෙනවා.”

ඇය එසේ පවසද්දී දිස්ත්‍රික් ලේකම්වරයා තෘස්නිම්භුතව බලා සිටියේය.

ඇගෙන් කළ ප්‍රශ්න කිරීම් හමුවේ නොපැකිළ උත්තර දුන්  ඇයගේ චතුර කතා විලාසයද  දිස්ත්‍රික් ලේකම්වරයාට අමුත්තක් විය. ඇගේ කතා විලාසය අනුව  කිසියම් ශක්තියක් ඇය සතු බව මෙවැනි දෙයක් කරනවා නම් නිසි අවසරයක් ලබා ගෙන.

ජනමාධ්‍යවේදීන්, පුරාවිද්‍යා නිලධාරින්  බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ හා ඇල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරින්, ආරක්ෂක අංශවල අය සහභාගිකරව ගත යුතු බව දන්වා සිටියේය. 

එතැනින් නොනැවතුණු දිස්ත්‍රික් ලේකම්වරයා, ජනමාධ්‍යවේදීන්, ආරක්ෂ අංශ  හා පුරාවිද්‍යා බලධාරින් දැනුම්වත් කිරීමටද පියවර ගත්තේය.

මේ අතර මෙම කණ්ඩායමේ සම්බන්ධිකරණ කටයුතු කළ පුද්ගලයෙක්  බදුල්ලේ හයිටෙක් ෆයර් ඇන්ඩි රෙස්කියු සිස්ටමි නමැති ජීවිතාරක්ෂක ආයතනයට ගොස් එහි අධිපති අනුර කුමාරද සිල්වා මහතා හමු විය. 
566
දෙවියන්ගේ බලයෙන්, අශිර්වාදයෙන් ආරක්ෂාව පෙන්නුම් කිරීමෙන් රාවණා රජතුමා නිදා සිටින රාවණා රඡතුමා නැගිටුවන්න  බලයක් ඇති කාන්තාවක් පැමිණ සිටින බව සම්බන්ධිකාරක පවසා සිටියේය.

උමඟ දිගේ යන කොට සමහර වෙලාවට ඔක්සිජන් නැති වෙන්න පුළුවන්. ඒ වගේ  අනතුරුදායක තත්ත්වයන් මඟ හරවා ගැනීම සඳහා ඔබ ආයතනයට මේ ගමන සඳහා සහභාගිවෙන්න  පුළුවන් දැයි ඔහු විමසුවේය.

එම කාන්තාවගේ උත්සාහය සාර්ථක වුවහොත් අනිවාර්යයෙන්ම විශ්ව කීර්තියට පත්විය හැකි  බව සිතූ අනුර කුමාරද සිල්වා මහතා මුදලක් අය නොකරම මේ සදහා ජිවිතාරක්ෂක කණ්ඩායමක් ලබාදීමට කැමැති විය.

ඇතැම් මාධ්‍යවේදීන් මේ තොරතුර කන වැකුණු සැණින් මෙම ස්ත්‍රිය ප්‍රමුඛ කණ්ඩායම නතරවී සිටි හුණුකැටිය ප්‍රදේශයේ ගෙස්ට් හවුස් එකටම ගොස් වැඬේ පටන්ගත්තේය. 

රාවණා නැගිටුවීමේ ක්‍රියාන්විතය පිළිබදව කනින්-කොනින් ලැබුණු ආරංචි අනුව ප්‍රදේශවාසීහු විශාල පිරිසක් ඉකුත් 29 වන දා හිමිදිරයේ  සිටම කරදගොල්ල වතුපිටිය රාවණා උමග අසලට එක් රොක්ව සිටියහ.

අදාෂ්‍යමාන ශක්තියක් ඇති බව පැවසෙන  නිරාශා, මෙම කටයුත්ත සඳහාම කැටුව ආ පුද්ගලයන් 8 දෙනකු හා මාධ්‍යවේදින්  පිරිසක් සමඟ එම ස්ථානයට පැමිණියාය.

බදුල්ල දිස්ත්‍රික් ලේකම් නිමල් අබේසිරි මහතාට රාජකාරි බහුලවීම නිසා ඔහු නියෝජනය කිරීම සදහා බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සැළසුම් අධ්‍යක්ෂ ටියුෂන්  මහතා සහ පුපුරන ද්‍රව්‍යපාලක ඇතුළු නිලධාරින් පිරිසක් එවා තිබුණි.

අනුර කුමාර ද සිල්වා මහතා  ප්‍රම්‍රඛ ජීවිත ආරක්ෂක කණ්ඩායම කඹ, ලණු ඉණිමං, ආරක්ෂක බඳ පටි පමණක් නොව  ඔක්සිජන් ඇතුළු කළමනාද  රැගෙන පැමිණ සිටියහ.

දැනුම් දීමක් සිදු කර තිබුණත් පුරාවිද්‍යා බලධාරින් කිසිවකු පැමිණ සිටියේ නැත.

ආරක්ෂාවට සිටියේ පොලිස් නිලධාරින් තිදෙනෙක් පමණි.

උමං කට අසලදී  නිරාශා පැවසුවේ තම කණ්ඩායමේ අට දෙනාට අමතර උමඟට ඇතුළුවීමට අවසර ඇත්තේ මාධ්‍යවේදින්,   ජීවිතාරක්ෂක කණ්ඩායම, රාජ්‍ය නිලධාරින්ට පමණක් බවය.

උදෑසන 9-00ට පමණ එකිනොකා පිටුපසින් උමංකටින් මේ පිරිස උමඟට ඇතුළුවේද්දී ප්‍රදේශවාසිහු උමඟ අසල පිටතින් සිට  බලා සිටියහ.

ඉන්පසු දිගින්දිගටම ගමන දුෂ්කර විය ඇතැම් තැනක බඩ ගාමින්ද, ඇතැම් තැන් දණ ගාමින්ද,  සීරුවට මාරුවට ගමන් කළෙමු.

ගල් දෙබොක්කාවන් අතරින් ගොස්, අඩි 20 ක් පමණ වු ප්‍රපාත ස්ථානයන්ට බැසිය යුතු තැන්වලදි ආත්මාරක්ෂක කණ්ඩායම ලබා දුන් කඹ, ඉණිමං මහෝපකාරී විය.

අඳුරු උමං මඟට එළිය දුන්නේ විදුලි පන්දම්ය.

වසර මිලියන ගණනක ඉතිහාසක් ඇති බව හැඟෙන හුණුගල් තට්ටු එහි දැකිය හැකි විය.

මීටර් 100ක් පමණ  පහතට ගමන් කළ පසු හමු වු දැවැන්ත ශාලාවක්  වැනි ලෙන තුළ තුන්සීයකට පමණ පිරිසකට ඉඩ කඩ පවතී.   ගල් පියස්ස අඩි 40ක් පමණ උඩින් පිහිටියේය.

අපිවිඩාව නිවා ගැනීමට විනාඩි කීපයක්ම එහි ගත කළෙමු.

මීටර් 20ක් පමණ ප්‍රපාතාකාර ස්ථානයෙන් බැසීමද ඉතා අසිරු කටයුත්තක් විය. 

ආත්මාරක්ෂක කණ්ඩායමේ උදව්වෙන්  ලණු ඉනිමං හා කඹ දිගේ ප්‍රපාතකට බැස ගතිමු. මේ වන විට ඇඟපත වේදනාව දැනුණද මෙහි ඇති ශීතල සැපදායී කාලගුණ තත්ත්වය මහත් අස්වැසිල්ලකි.

සීතල දිය පිරි නිල්දිය පොකුණ මෙහිදි දැකගැනීමට හැකි වීම කාගෙත් ආනන්දයට  හේතු විය.

ජලය ගලන ස්ථානය හෝ පිටවෙන  ස්ථානයක් හෝ නොපෙනන මේ අපුරු ජල තටාකයේ  දිය විනිවිද පතුල පෙනන තරමටද පැහැදිලි පිරිසිදු, ලානිල් පැහැති ජලයෙන් පිරි තිබුණි.

ජලය ගලන දිසාවක් නොපෙනුණත් භූගතව ජලය ගලායන හඩ ඇසිණ. 

අන්තංපුර බිසෝවරුන් ජල කෙළියේ යෙදුණේ මෙම තටාකයේ විය නොහැකිදැයි සිතිණ.

සමහරු දෝතට සීතල දිය ගෙන පානය කළහ. තවත් සමහරු බෝතල්වලට ජලය දමාගත්හ.

නිරාශා මාධ්‍යවේදීන් හමුවේ මෙම උත්සාහය පිළිබඳ දැනුම්වත් කළේ මෙසේය. 

 “මම නිශාරා. මම ආවේ මොරටුවේ ඉදන් මගේ පුංචි අවධියේ ඉඳන්ම මට තේරෙන  කාලේ ඉදන්ම, දෙවියන් එක්ක අභාෂයක් තිබුණා. ඒක  අපේ පවුලේ අය, අපේ පවුලෙන්  පිට කොහෙටවත් රැගෙන ගියේ නැහැ.

පවුලේ අයටම තමයි ඒ හැම සත්‍ය සිදුවීමක්ම සිදු වුණේ. විශ්වාසයක් ගොඩනැඟෙන විදිහට ගොඩාක් හේතුන් මගේ පුංචි කාලේ ඉඳලම  සිදු වුණා.

මට දැන් වයස විසි හතරක් වෙනවා. ඒ විසිහතරක් දක්වා ගොඩාක් අදෘශ්‍යමාන දේවල් සිදු වුණා.

ඒ අනුව  අවුරුදු තුනක වගේ කාලයක සිට  රාවණා රජ්ජුරුවන් හා මගේ පවුලේ අයට සම්බන්ධ කම් තියෙන පිරිසක් ඉන්නවා කියලා මට පෙනුණා.

ඒ පේනකොට  විෂ්ණු දෙවි හමුදුරුවනුත් හැමදාම පේනවා. මේ මිහිකත දේව මාතාවත් ඊට අමතරව ආරක්ෂාව සඳහා තියලා තියෙන නාග දේව මාතාවත් බැල්ම හෙළුවා. 

ඒ අයගේ පිහිටෙන් ඒ අයගේ ඉල්ලීමක් අනුව, ඒ අය කරන්න කියපු දෙයක් පුංචි කාලේ ඉඳන් ඒ තියෙන සත්‍යත් එක්ක ඇවිල්ල මේ වගේ අපි දන්නේ නැති පැත්තක මේ රාවණා රජතුමා ඉන්න සීමාව මේ නිල් දිය පොකුණෙන් එහාට යන මාර්ගය පෙන්වා තියෙනවා.

 ඒ කරන්න උවමනා  ක්‍රීයාදාමයන් කියා තිබෙනවා. ඒ අනුව මමත් ඒ රාවණා පවුලට සම්බන්ධයි. මමත් මගේ මහත්තයත් වෙනම සම්බන්ධකම් තියෙන ලෝකයකින් මෙහෙට ඇවිල්ලා තියෙනවා කියලා තමයි මම පුංචි කාලේ ඉඳන් දැනුම්වත් කරලා තියෙන්නේ.

දැන් ඉදිරියට ඒ රාවණා පවුලේ දී සම්බන්ධ කම් තියෙන ප්‍රාණ තියෙන මනුස්සයන් ආත්ම ගණනාවක් තිස්සේ සැරි සරලා, සරලා, ඒ ප්‍රාණත් එක්ක මනුස්සයන් විදිහට එක එක අය විදිහට ඉපිදිලා.

මේ ආත්මේ මම ඉපදුණ ආත්මේදී ඒ අට දෙනාම මගේ ළඟට ළං කරලා මගේ පවුලේ අය බවට පත් කරලාත් තියෙනවා. මේ අය වෙන වෙන ප්‍රදේශවල වුණත්  මම නොදන්න අය මේ අන්තිම මොහොතේ හම්බ වුණු අයත් ඉන්නවා.

ඒ අයවත් එක්කගෙන තමයි මේ ගමන යන්න කියලා තියෙන්නේ ඒ අයගේ ජිවිත ආරක්ෂා කරන්න අපි එන්න කළින්ම ඒ කරන්න උවමනා පුජාවල් කරන්න කියපු දේවල් රහසිගතව ඒ අකාරයෙන් අපි ඉෂ්ට කළා.

මොකද, මේ දේ ඒ අවස්ථාවේ ප්‍රසිද්ධ කරන්න බැරි හේතුව නිසා මේ අවස්ථාවෙදිත් මේ නිල්දිය පොකුණ ගාවට වෙන කම් විතරයි මේ ප්‍රමාණයට මේ දන්නා කාරණා කියන්නේ.

 ඉන් එහා තියෙන්නේ අපි නොදන්න පැත්තක් මට මාර්ගයක් පෙන්නලා තියෙනවා රාවණා රජතුමා ඉන්න විදිහ, රාවණා රජතුමාගේ ඇස්දෙක, නහය රාවණා රජතුමාගේ අතේ තියෙනවා බල ශක්තියක්, ලොකු වස්තුවක් ඒ වස්තුව කියන්නේ මුතු මැණික්වත් රත්තරන්වත් ඒ වගේ දේවල් නොවෙයි. ඊට වඩා අපේ පරණ තාක්ෂණයෙන් පරණ යන්ත්‍ර මන්ත්‍රවලින් පරණ දේවල්වලින් ඔප නැංවෙච්ච ප්‍රධාන ලොකු බලවේගයක් ක්‍රීයාත්මක කරන්න පුළුවන් දෙයක්.

ඒ දේ අද අපිට මේ ගල් ගුහාවක් ඇතුළේදි ලබා ගැනීම  බොහොම අපහසුයි .

මේ වගේ තැනකට ඇවිල්ලා මම මොරටුව වගේ පරිසරයක ඉන්න කෙනෙක් මේ වගේ පරිසරයකට මුහුණ දිලා නැහැ. මේ වගේ තැනකට ඇවිල්ලා බොහෝ විට  මේ කියන දේ අනුව මෙතැනින් එහාට අපිට රෑ දෙකක් හෝ  යන්න කියන මාර්ගයෙදි ගත කරන්න වෙයි.

 අපිට ඉතිං හමුවන දේවල් අපේ යහපතත් යන අටදෙනාගේ ජිවිත රැක දීලා එළියේ ඉන්න අයගේ ජිවිතත් රැකදීලා ලෝක වාසි සියලු සත්ත්වයාට පිහිටක් සරණක් යහපතක් සිද්ධ වෙන්න ඕනි හින්දා තමයි දෙවියන්ගේ ඉල්ලීමක් මත මේ දේ කරන්න පෙළඹුණේ.

නැත්නම් මෙච්චර කාලෙකට මේ කිසිම දෙයක් පවුලෙන් පිට ගෙනිච්චේ නැහැ ඇත්තටම කියනවා නම් තව විශේෂ දෙයක් කියන්න ඕනි. රාවණා රජ්ජුරුවන් කියලා මීට  අවුරුදු තුනකට මනුස්සයෙක් වශයෙන් එයාගේ ප්‍රාණය දිලා තියෙනවා කියන එක තමයි විෂ්ණු දෙවි හමුදුරුවොත්, භූමී මාතාවත් කියලා තියෙන්නේ.

මේදේ දැනගෙන මම අවුරුදු තුනක් විතර වෙනවා ඊට අමතරව දෙවියන්ගේ ආභාසය දෙවියන්ගේ රැකවරණය යටතේ යම් යම් දෙවල් සිද්ධ උනත් රාවණාගේ විස්තර කිසියම් දෙයක් කියලා තිබුණේ නැහැ.

මම ඉස්කෝලේ ගිහින් නැහැ. මට අරුඪයක් වත් මන්ත්‍රයක් වත් දන්නේ නැහැ.  දහම්පාසලේ ගිහිල්ලා ඉගන ගත්ත දේට වඩා වෙන කිසිම දෙයක් දන්නේ නැහැ.

 ඉතිං මේ යන ගමනේදි හරි මාර්ගය හරි සත්‍ය අපි අට දෙනාට  පෙන්වා තිබෙනවා. ඒ අට දෙනාට ඒක දැනෙනවා. ඒක විශ්වාසයක්. ඒ සත්‍ය පිළිබඳව  විශ්වාසයක් අපට තියෙනවා. ඒකේ විශ්වාසයේ බලයෙන් අපි හැමදෙනාම දෙවියන්ගේ රැකවරණයෙන් මේ ගමන ගිහිල්ලා අපේ යහපත්  අරමුණ ඉෂ්ටකරගන්න සියයට  කෝටියක් තියෙන විශ්වාසය අනුව කොහොම හරි ඉෂ්ට කරගෙන එනවා කියලා තමයි  උඩ ගුහාවේ ඉඳන් මේ දක්වා ආවේ. මෙතනින් එහාටත් කොහොම හරි ධෛර්යයෙන්  අපිට ලැබෙන අවශ්‍යතාවත් එක්ක මේ දේ කර ගෙන අපි එළියට එනවා. අද බැරි උනොත් ලබන බදාදා එළියට එනවා සමහරවිට සතියක් යන්නත් පුළුවනි. ඊට පස්සේ  ආවේ නැති නම් අපි ගැන සොයන්න එපා  
මෙතැනින් එහාට ඔය අයට යන්න අවසර නැහැ.

දැන් කරුණාකරලා උමඟින් පිටවී යන්න.

එම ඉල්ලීමට  අවනතවෙමින්  ඇය රැගෙන ආ කණ්ඩායම හැර ආරධනාවෙන් පැමිණ අනෙක් අය සියළු දෙනාම  උමඟෙන් පිටවුහ.

ගිය ගමනේදී ලද විවිධ දුෂ්කරතා  යළි විඳිමින් ගුහාවෙන් එළියට පැමිණිමටද පැය 3කට අධික කාලයක් ගත විය.

ඒව වන විට එම ස්ථානයේ රැඳී සිටි ප්‍රදේශවාසින් ගණන දෙතුන් සීයක් පමණ දක්වා ඉහළ ගොස් තිබිණ.

කෙසේ නමුත් මේ වන විට  ගමේ තරුණයෝ කීපදෙනෙක් උමඟට ඇතුළුවී  ගල්වලට මුවාවී උමඟ තුළ සිදුවන දේ බලා සිටි බව කියති.

උමඟ කට ළඟ මාධ්‍යවේදීන්  ඇතුළු  පිරිස සිදු වන්නේ කුමක්දැයි සිතා ගත නොහැකිව නොඉවසිල්ලෙන් බලා සිටියහ. 

පැය  8කට පමණ පසු සිදු වුයේ විස්මිත දෙයකි.

නිරාශා පුමුඛ පිරිස වෙනත් දෙසකින්  ගුහාවෙන් එළියට පැමිණ තිබුණි.

ඔවුන් පිටවු ස්ථානය ප්‍රදේශවාසීන්  කිසිවකු මෙතෙක් නොදත් ස්ථානයක් වීම වඩාත් විස්මය දනවන්නක් විය.

උමග තුළ සිට කව්දෝ කෑ ගසමින්  බාධා කළා. මෙනිසා උත්සාහය අසාර්ථක වුණා අපිට පෙන්වා දුන් රහස් උමඟකින් අපි ආපසු ආවයි  නිරාශා පවසද්දී එම කතාව තවත් විස්මය  ජනක විය. 

ඒ සමඟම ප්‍රදේශවාසීන් දැඩිසේ නොසන්සුන්ව කලහකාරී ලෙස හැසිරෙනවාත් සමඟ නිරාශාගේ කණ්ඩායම එම ස්ථානයෙන් ඉවත්ව  ඔවුන් නැවති සිටි ගෙස්ට් හවුස් එකට ගියහ.

කෙසේ නමුත් එම ලැගුම්හල වටලා ගැමියන් විරෝධතාව දක්වමින් ගල්මුල් ප්‍රහාරයක් එල්ල කරද්දී  එම ස්ථනයට පැමිණි  වැල්ලවාය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක විජිත පෙරේරා මහතා  ප්‍රම්‍රඛ පොලිස් නිලධාරින් කණ්ඩායමක් විසින්   නිරාශා ප්‍රමුඛ කණ්ඩායම සිය බාරයට ගනු ලැබිණහ.

ඔවුන්ගේ ආරක්ෂාව සඳහා  මෙම පියවර ගත් බවත්, ඔවුන්ට විරුද්ධව කිසිම පැමිණිල්ලක් ලැබී නැති බවත් පොලිසිය සඳහන් කළේය.

කෙසේ නමුත් 24 හැවිරිදි නිරාශාගේ ආත්ම ශක්තිය ක්‍රියාකාරිත්වය හා ආගන්තුක චරියාව තුළ අසාමාන්‍ය බවක් ඇතැයි කාටත් පසක් විය.
Share on Google Plus

About Unknown

0 comments:

Post a Comment