ෆවුන්ඩේෂන් එක නිවැරදිව සකසා ගන්න


මේකප් එකක් දානකොට එකේ වැදගත්ම කොටස වෙන්නේ ෆවුන්ඩේෂන් එක. ඇත්තෙන්ම ෆවුන්ඩේෂන් එක හරියටම දාගත්තේ නැත්තන් ඔයාගේ මුළු මේකප් එකම අවුල් වෙන්නත් ඉඩ තියෙනවා.එහෙනම් බලන්න,මේ පියවර කිහිපය නම් ෆවුන්ඩේෂන් එක දානකොට ඕනිම මාස්ටර් කෙනෙක්ට ඕනි වෙනවාමයි.
01. හරියටම ගැළපෙන පාට තෝරාගැනීම.
1
වෝර්මර් ටෝන්ස්,ඒ කියන්නේ ටිකක් තද පාට වර්ග,හරියට කහ හෝ රන් පැහැ වැනි පාටවර්ග – විශේෂයෙන්ම ඔයා ටිකක් සුදුමැලි වගේ පැහැයක් තියෙන කෙනෙක්නම්,වියපත් බවින් යුතු සමක් තියෙන කෙනෙක් නම්,මේ පාට වර්ග ඔයාගේ සමේ අඩුපාඩු මකාදමමින් ඔයාගේ පෙනුමට ස්වභාවික පැහැයක් එක්කරාවි.වෝර්ම් ශේඩ් එකක් හෝ බ්ලෂ් එකකින් මතුපිට වර්ණගැන්වීමක් සිදු කරනවානම්,හරිම පැහැය ලබාගන්නත් පුළුවන් වෙනවා.ඔයා ටිකක් තලෙළු නැතිනම්,තදපාටකින් යුතු කෙනෙක් නම් රෝස වැනි පැහැයන්ගෙන් ඈත්වෙන එක සුදුසුයි.එවැනි පැහැයන් ස්වාභාවික ආලෝකය තුළදී ඔයාගේ පෙනුම තරමක් වෙනස් කරන්නත් පුළුවන්.
02. තට්ටුවක්ම ආලේප කිරීම
Tips-for-applying-liquid-foundation
ඇත්තටම ෆවුන්ඩේෂන් එක කරන්නේ ඔයාගේ තියෙන පෙනුම තවත් ටිකක් වැඩිකරන්න උදව් වෙන එක.එහෙමත් නැතිනම්,ඔයාගේ පැහැය තවත් ටිකක් වැඩිදියුණු කරලා පෙන්වන එක.ඉතින් ඒ වෙනුවට ඔයාට ප්රීමර්ස් නැතිනම් මුල් ආලේපයන් හෝ හයිලයිටර්ස් යොදාගනිමින් දුර්වර්ණ බව වගේම ෆයින්ලයින්ස් (මුහුණේ රේඛා) වගේ දේවල් අවම කරලා ඔයාගේ පෙනුම තවත් ටිකක් වැඩි කරගන්නත් පුළුවන්.මුහුණේ අඩුපාඩු ඔක්කොම ෆවුන්ඩේෂන් තට්ටුවකින් වහන්නේ නැතුව කන්සීලර් භාවිතයෙන් පළුදුවීම් හා කැළැල් වසා දමන්නත් හැකියාව තියෙනවා.
03. වැරදි සාන්ද්රතාවයක් භාවිතා කිරීම.
2
ඒ කියන්නේ මෙහෙමයි.ඔයා මොනම විදියේ ෆවුන්ඩේෂන් එකක් භාවිතා කලත් ඒක අනිවාර්යෙන්ම නිවැරදිව,එක සමානව ඔයාගේ සමත් එක්ක මිශ්ර වෙන්නම ඕනි.ඒ කියන්නේ බ්ලෙන්ඩ් වෙන්න ඕනි.(තේරෙන්නම කියනවානම්,මුහුණේ හැමතැනක්ම සමාන වෙන්න ඕනි.කඳු,වලවල් නැතුව).ක්රීම් වර්ගයේ ෆවුන්ඩේෂන් එකක් වඩා නිවැරදිව මුහුණ පුරා සමානව ආලේප කිරීම පහසු වන අතරම ඉන් වඩා ස්වභාවික නිමාවක් ද ලබාදෙනවා.
04. ෆවුන්ඩේෂන් එක වියපත් බවක් ගෙන දෙන බව සිතීම
ඇත්තෙන්ම සමේ දුර්වර්ණවීම් වගේම සමේ සිදුරුවල ප්රමාණය ඔබේ වයස් සීමාව තීරණය කිරීමට සමත්වෙනවා.ඒ නිසා නිවැරදි ප්රමාණයෙන් ෆවුන්ඩේෂන් භාවිතය වැදගත්.බේස් එකක් විදියට ෆවුන්ඩේෂන් එක හරිහැටි වැටුනේ නැත්නම් ඔයා භාවිතා කරන අනෙක් මේකප් වර්ග -බ්ලෂ්,බ්රොන්සර් සහ කන්සීලර් වගේ දේවල් වලින් ප්රයෝජනයක් නොලැබෙන්නත් පුළුවන්.ඒ නිසා හොඳම දේ තමයි,සියුම් විදියට ෆවුන්ඩේෂන් ආලේප කිරීමේ ක්රමය හඳුනා ගන්න එක.
05. හැමදේම,හැමතැනම ආලේප කිරීම.
53d55792ee407_-_foundation-mistakes-lgn
ෆවුන්ඩේෂන් එක ආලේපයේදී බොහොම පරිස්සම් වෙන්න වෙනවා.අපිට ෆවුන්ඩේෂන් එක අවශ්ය තැන් වලට විතරයි යොදාගන්න පුළුවන් වෙන්නේ.අනෙක් විශේෂිත තැන්වලට,විශේෂයෙන් ඇස් යට ප්රදේශය,කැළැල් සහිත තැන් වලට අවශ්ය වෙන්නේ කන්සීලර් ආලේපය.ඔයාගේ ඇඟිලිතුඩු වල ඇති රස්නය සමඟින් කන්සීලර් මුසු කිරීමෙන් එහි පෙනුම වඩා ස්වභාවික ස්වරූපයකින් ලබාගැනීමට පුළුවන්.කටයුත්ත අවසන් කරන්න වෙන්නේ පවුඩර් ආලේපයෙන්.ඒකත් පවුඩර් අත්යාවශ්යම තැන්වලට පමණක් ආලේප කිරීම වැදගත්.ඒ වුනත් වැඩිපුර පවුඩර් ආලේපය නම් ඔයාගේ සම්පූර්ණ පෙනුම විකෘති කරලා දාන බවත් අමතක කරන්න එපා.
Share on Google Plus

About Unknown

0 comments:

Post a Comment