ශාඛ ආහාර ගත්විට කාන්තාවන් ලස්සන වෙනවාලු


ශාක ආහර ගත්විට කාන්තාවන්ගේ ලස්සන වැඩිවන බවත්, විරුද්ධ පාර්ශවයට ආකර්ෂණය වීම ප්‍රමාණය වැඩි වන බවත් මෑතකදී කරන ලද පර්යේෂණයකින් අනාවරණය වී තිබේ.
එළවළු හා පළතුරු ආහාරයට ගන්නා කාන්තාවන්ගේ සෞඛ්‍යය තත්ත්වය හා ආකර්ෂණීය ස්වභාවය එළවළු හා පළතුරු ආහාරයට නොගන්නා කාන්තාවන්ට වඩා වැඩි බව විද්‍යාඥයෝ පෙන්වාදෙති.
 කැරට්, බතල, තද කොළ පැහැති කොළ ජාති හා තක්කාලිවල ඇති වර්ණක හා සංඝටක පිළිකාවලින් ආරක්ෂා වීමට උපකාරි වන බව පර්යේෂණවලින් අනාවරණය වී ඇත. එමෙන්ම එම වර්ණකවලට සමේ පැහැය හා පෙනුම ද වර්ධනය කිරීමේ හැකියාවක් ද ඇතැයි පර්යේෂකයෝ පවසති.

ස්කොට්ලන්ත හා ඕස්ට්‍රේලියා    පර්යේෂකයෝ පිරිසක් එක්ව මෙම පර්යේෂණ සිදු කළහ.
කොළ පැහැති ආහාර හා, එළවළු පළත-ුරු වැඩි වශයෙන් ආහාරයට ගැනීම කාන්තාවනගේ සමේ පැහැය වර්ධනය වීමටත්, විරුද්ධ ලිංගිකයන්ගේ ආකර්ෂණය වැඩිවීමටත් හේතුවන බව ඔවුහු පෙන්වාදෙති. සමේ පැහැය විශේෂයෙන්ම කහ පැහැය වර්ධනය වීමත් එළවළු හා පළතුරු අතර දැඩි සම්බන්ධතාවක් පවතින බව මෙම පර්යේෂණවලදී අනාවරණය වී ඇත. මෙම පර්යේෂණවලින් තවදුරටත් අනාවරණය වී ඇත්තේ සම කහ පැහැ නම් ඔවුන් සෞඛ්‍ය සම්පන්න හා විරුද්ධ ලිංගිකයන්ගේ ආකර්ෂණය දිනාගැනීමේ වැඩි අවස්ථාවක් ඇති බවයි.
 එහෙත් කළු හෝ දුඹුරු හෝ පැහැයෙන් යුත-ු පුද්ගලයන් එසේ නොවනවා යැයි ඉන් අදහස් නොවන බව ද පර්යේෂකයෝ පෙන්වාදෙති. එම නිසා අනාගත පර්යේෂණවලදී මේ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරන බවද කාන්තාවන් එළවළු හා පළතුරු ආහාරයට ගන්නා ප්‍රමාණය වැඩි කළ යුතු යැයි ද පර්යේෂකයෝ පෙන්වාදෙති.
කැරොටෙනොයිඞ්ස් අඩංගු ආහාර වැඩි වශයෙන් ආහාර ගැනීම සෞඛ්‍යයට හිතකර බවත්, ඉන් නිදන්ගත රෝග ඇතිවීමේ අවදානම සැලැකිය යුතු ප්‍රමාණයකින් අඩු වන බව ද පර්යේෂකයෝ පෙන්වාදෙති. කැරට් වැනි ආහාරවල කැරොටෙනොයිඞ්ස් සංඝටක අඩු බව ඔවුහු පෙන්වාදෙති.
(ඩේලිමේල් ඇසුරෙනි)
Share on Google Plus

About Unknown

0 comments:

Post a Comment