ඔබේ ඩෙනිම් කලිසමේ තඹ බොත්තම් කිහිපයක් තියෙන්නේ මොකද කියල ඔය මිට පෙර දැනගෙන හිටියද ?



ස්කිනි, ස්ලිම්, ලුස්, ක්ලැසික් හෝ ඩිස්ට්‍රසේඞ් වර්ගයේ ඕනෑම ඩෙනිම් කලිසමක් ගෙන බැලූවොත් මෙවැනි තඹ බොත්තම් කිහිපයක්ම ඔබට දැකගන්නට ලැබේවි.  අවුරුදු 150ක කාලයක් තිස්සේ අද දක්වාම නොනැසී පවතින ප්‍රධානම ලක්ෂණ කිහිපයක් ඩෙනිම් කලිසමක දැකගන්නට පුළුවන්. බෙල්ට් ලුප්ස්, වේස්ට්බෑන්ඞ්, බටන්, බැක් යෝක්, කොයින් පොකට්, ෆ්රොන්ට ඇන් බැක් පොකට්ස් ෆ්ලයි සහ රිවර්ට්ස් යනු එම ලක්ෂණයි.
ඉහත සඳහන් කරන ලද සියල්ලේම අරමුණ අපි හොඳින් දැන සිටියත්, කුඩා තඹ බොත්තම් කිහිපයක් කලිසම මත අල්ලා තිබෙන්නේ ඇයිද යන්න පිළිබඳව නම් තවමත් බොහෝ දෙනෙක් දන්නේ නැහැ.
එය ඩෙනිම් කලිසමේ අලංකාරය සඳහා නිර්මාණය කර ඇති දෙයක් බව ඔබට සිතෙන්නට ඇති. නමුත් එහි සැබෑ අරමුණ නම් ඊට හාත්පස වෙනස් ඔබ කිසිදා දැන නොසිටි එකකි.
1848 වර්ෂයේදී කැලිෆෝනියාවෙන් රත්‍රන් හමුවීමත් සමග රත්‍රන් විප්ලවය ඇරඹුනා. පතල් වල වෙහෙස මහන්සි වී වැඩකරන විට සේවකයින්ගේ කලිසම් ඉතා වේගයෙන් ගෙවීමට ලක්වීම ඔවුන් මුහණ දෙන ප්‍රධාන ගැටළුවක් බවට පත්විය. ඔවුන්ට සැබවින්ම අවශ්‍ය කරතිබුනේ කල්පැවැත්මෙන් ඉහල ඇඳුමකි.
ඩෙනිම් කලිසමේ කල්පැවැත්ම ඉහල මට්ටමක තිබුනත් එහි ඇති සාක්කු පහසුවෙන්ම ඉරීයන බවකින් යුතු වුනා. අන්න එම ගැටලූවට විසඳුමක් ලෙස තමයි ඩෙනිම් කලිසමේ සාක්කුවේ දෙකෙලවරට තඹ බොත්තම් වගයක් අල්ලා එය වඩාත් ශක්තිමත් කර තිබෙන්නේ. පහසුවෙන්ම ඉරී යන සාක්කුවේ දෙකෙළවර කලිසමට වඩාත් තදවන ලෙස යොදා තිබෙන තඹ රිවට් මගින් ඉරීයාම වඩාත් හොඳින් පාලනය වෙනවා.
කාලයත් සමග තඹ රිවට් වලින් සමන්විත ඩෙනිම් කලිසම් අතිශයින්ම ජනප්‍රියත්වයට පත්වුනා.1873 වර්ෂයේ මැයි මස 20 වන දින එම තාක්ෂනික උපක්‍රමය සඳහා පේටන්ට් බලපත්‍රය හිමිව්ය. අද වෙළඳ පොලේ විකිණීමට තිබෙන ඩෙනිම් කලිසම් වලද එම තඹ රිවට් පිහිටා තිබෙනවා.
ඩෙනිම් කලිසමේ සාක්කුව අසල තඹ බොත්තම් කිහිපයක් නිර්මාණය කර තිබෙන්නේ ඇයිද යන්න පිළිබඳව දැන් ඔබට හොඳ අවබෝදයක් ලැබෙන්නට ඇති කියා අපි විශ්වාස කරනවා
Share on Google Plus

About Unknown

0 comments:

Post a Comment