සිංහ ගුහාවකට පැනලා සියදිවි නසා ගන්න ගිය තරුණයාට මොනවද වුනේ?


20 අවුරුදු තරුණයෙක් වන ලුවිස් ෆෙරේඩා නිරුවත්ව සිංහ ගුහාවකට පැන තම සිය දිවි නසා ගැනීමට තැත් කරනු ලැබුවා. සැන්ටියාගෝ නම් සත්ව උද්‍යානයට සමාන්‍ය ලෙස ඇතුළු වු මෙම මිනිසා එහි ටිකට් පතක් රැගෙන මෙම ක්‍රියාව සිදුකර ඇත. මෙම සත්ව උද්‍යාන පාලකයින් පවසන අන්දමට මෙම සිදුවීම සිදුවු වේලාව ජනයා බහුලව ගැවසෙන වේලාවක් වන අතර මොහු හදිසියේම මෙම සිංහයින් සිටින කූඩුවට පැන සිංහයින්ව පොළඹවීමෙන් අන්තුරුව සිංහයින් දෙදෙනෙකු විසින් මොහුව බරපතල ලෙස තුවාල කිරිමට පෙළඹි තිබෙනවා. මෙහිඳි මුලින් වතුර ඉස එයින් මෙය නැවතිමට නොහැකි නිසා අවසානයේ මෙම සිංහයින්ට වෙඩි තබා මොහුව රෝහල් ගත කිරීමට පියවර ගෙන තිබෙනවා. මෙය එවේලේ මෙම සත්ව උද්‍යානය නැරඹීමට ආ ළමුන්ද භීතියට පත් කර තිබෙනවා.
කෙසේ වුවද උද්‍යාන බලධාරීන් මෙසේ පැවසුවත් එතැන සිටි සාක්ෂිකාරියක වන සින්තියා පවසන පරිදි නම් මේ අවස්ථාවේ උද්‍යාන බලධාරීන් හැසිරී ඇත්තේ ඉතා උදාසීන ආකාරයකටයි. ඔවුන් යුහුසුළුව ක්‍රියා කරා නම් මොහුට ඇතිවි ඇති බරපතල හානි යම් තරමින් හෝ අවම කර ගත හැකිව තිබු බව ඇගේ මතයයි.ඔහුගේ ඉවත ලු ඇඳුම් හී ඔහු තම සියදිවි හානි කරගැනීමට කිසිදු හේතුවක් පවසා නොතිබීමද තවත් එක් කරුණකි. කෙසේ වුවද ඔහුගේ හිස හා ශ්‍රෝණි ප්‍රදේශයට තුවාල වි ඇති අතර ජිවිත අවදානම්ක් නම් නැත. කෙසේ වුවද මෙය පුදුමාකාර සිද්ධියකි.

Share on Google Plus

About Unknown

0 comments:

Post a Comment